Showing posts with label tribute. Show all posts
Showing posts with label tribute. Show all posts

Wednesday, October 19, 2011

ටයි මාමා වෙනුවෙන් | The genius Titus Thotawatte

ටයි මාම ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ සිංහල දන්න කාටවත්. අද අපි ලියන්නෙ, චිත්‍රණය කරන්නෙ, සංගීතය විඳින්නෙ, හොඳ චිත්‍රපටියක් තෝරගන්නෙ එතුමට ස්තූතිවන්ත වෙන්න. අපිව රසයක් ඇති පිරිසක් කරන්න මුල් වුණ අය අතර ටයිටස් තොටවත්ත ඉදිරියෙන්ම හිටපු පුද්ගලයෙක්. ඔහු රසවත් දේ අපට හොයල දුන්න. ඒ දේවල් රසවත් බවෙන් වගේම අවබෝධයෙනුත් පෝෂණය වෙලා තිබුණා. අදටත් ඒ නිර්මාණ එක්ක ආයෙත් පුංචි ළමයි බවට පත්වෙන්න අපට පුළුවන් ඒ නිසා.

ඔහු කළේ රසය සෙවීමක්. ලෝකයේම හොඳ දේවල් අපට තේරෙන විධියට රසවත් කිරීමක්. ඔහුගේ හඬකැවීම් උත්සාහය නොවෙන්න එතුමා හඬකවපු සම්මානනීය නිර්මාණ අපි කවදාවත් රසවිඳින්නෙ නෑ.

ඔහු වෙනුවෙන් අපට කරන්න දෙයක් නැති තරම්. නමුත් ඔහු කරපු රසය සෙවීමේ කටයුත්ත දැන් බාර අපට. ඔහුගේ නිර්මාණ වලින් පෝෂණය ලබපු වර්තමාන තරුණ පරපුරට! අපි සූදානම්ද ඒක ඊළඟ පරපුරට දෙන්න?

There's no need if introducing Titus Thotawatte to Sri Lankan people. He's one of the gurus we should thank for where we stand today. He was one of the people who added sweetness to our childhood. He showed us a path to be closer to brilliance and we are not brilliant only because of our fault.

There is nothing we can do for him than just passing what he started to the next generation. I'm not sure whether we are still ready.


I know this is horrible. For a genius like him.

Related Posts Plugin for WordPress, Blogger...

ShareThis