Monday, December 26, 2011

නත්තල් සීයව පොලීසියෙන් අල්ලගෙන | Santa got captured!

ලංකාවෙ හරියට අකුරටම ක්‍රියාත්මක වෙන තද නීති රීති එක්ක හැප්පෙන්න කාටවත් බෑ හරි!























OK.... You know it's a joke right! Let's wish Santa will bring the same feeling the next time too.

Merry Christmas for everyone!

Tuesday, December 20, 2011

The big bang theory - නමින් කියන විධියට...

The Big Bang Theory as the name implies. Guess I won't need to explain further.



Monday, November 28, 2011

2016 දී E01 Southern Highway

දැන් නම් පාර කිරි ටොයියා වගේ තියෙනවනේ...

ඒ වුණාට හොඳට හදල තියෙන කාපට් පාරවල්, ඒ පාරවල් දෙපැත්තෙ තියෙන ගල් පර්වත, මහ ගස් කඳන් වල අපේ උත්තමයො කැත කරන විධිය දන්නවනේ... 2016දි වගේ ඔය උත්තමයො තෝරන මගුලක් තිබුණොත් දක්ෂිණ ලංකාවටත් මෙහෙම වෙයිද?


The first stage of the the Southern highway is completed and opened. Hopefully there will be few stages. It's a huge achievement regarding various aspects. But can it be assured? Considering how the people are making the roads and surroundings dirty by their election campaigns to get to the power, will this be the way the great E01 highway may look like in 2016?

Monday, November 21, 2011

ඔබට ඉන්ටනෙට් තිබේනම්... | When you got internet...

මේ වගේ යමක් කරන්න හිතුණෙ පත්තර වල යන බොරු ප්‍රවෘත්ති හින්දයි. ලංකාවෙ පත්තර කීපයකම කාලයක් තිස්සෙ මම දැකපු ‍වැරදි ප්‍රවෘත්ති කීපයක් මේ පෝස්ට් එකට මුල් වුණා. ඒ ප්‍රවෘත්ති වල තියෙන්නෙ අරුම පුදුම දේවල්. නමුත් ඒව ඇත්තද කියල හොයල බැලුවම මට පැහැදිලි වුණා ඒව අන්තර්ජාලයෙන් උපුටගත්තු වැරදි ප්‍රවෘත්ති බව. මතක ඇතිනේ අර යෝධ ඇට සැකිලි හමුවුණ කතාව. ෆොටෝෂොප් වලින් කරපුවම ජනප්‍රිය වෙන ඕන ප්‍රවෘත්තියක් ලංකාවෙ සිංහල පත්තර වල යනවා. හරියට ඇත්ත වගේ....


Hope you remember about an e-mail circulated few years ago rumoring about some giant skeletons found in a desert. I first saw the news on a local tabloid. As soon as I got a chance to connect to the internet, I searched for it and found it's a hoax. Then I had an argument with the friend who gave me that tabloid. He was mentioning that the news couldn't be wrong since it was on a famous weekly tabloid issued with a leading national newspaper.

Recently I saw another article on a newspaper mentioning about an alien body which was kept in a refrigerator for two years by an old woman. I searched for the news on the net and found it too as a fraud.

And yet, after realizing it's a fraud, I re shared it!


Monday, October 31, 2011

Manjo the wrestler | මංජෝ රැස්ලිං චැං පියං

මංජෝ කියන්නෙ රෙස්ලිං වලට කැමති මගෙ හොඳ යාළුවෙක්. එයාගෙ උපන් දිනේ වෙනුවෙන් තමයි මේ උපහාරය!


Manjo is still a good friend of mine which used to be my manager to the administration and also a colleague at the Photo shop. He was a wrestling addict at that time way back at 2006. As I remember it was the era of wrestling for Sri Lanka. One out of three of the population were talking about wrestling and almost all of them were addicted to wrestling events badly. There were versions of games and the VCDs were orderly indexed. So when they were referring a particular game, they used the number of the VCD. Those numbers were so much popular among them and was remembered well.

My friend was not that much on to it but he talked too much about it. Sometimes becoming a headache to us. So I created this poster for him on his birthday. We had a monthly issue of a comic article called "KOLLO" at the time and this poster was given as a supplementary poster to celebrate his birthday. He enjoyed it to his most and told me that the knees of himself at the poster, would break as he jump off to his opponent at the ring.

This is done using Adobe Photoshop as an experiment. And the methods I used became unthoughtfully helpful for my work later on.

Wednesday, October 19, 2011

ටයි මාමා වෙනුවෙන් | The genius Titus Thotawatte

ටයි මාම ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ සිංහල දන්න කාටවත්. අද අපි ලියන්නෙ, චිත්‍රණය කරන්නෙ, සංගීතය විඳින්නෙ, හොඳ චිත්‍රපටියක් තෝරගන්නෙ එතුමට ස්තූතිවන්ත වෙන්න. අපිව රසයක් ඇති පිරිසක් කරන්න මුල් වුණ අය අතර ටයිටස් තොටවත්ත ඉදිරියෙන්ම හිටපු පුද්ගලයෙක්. ඔහු රසවත් දේ අපට හොයල දුන්න. ඒ දේවල් රසවත් බවෙන් වගේම අවබෝධයෙනුත් පෝෂණය වෙලා තිබුණා. අදටත් ඒ නිර්මාණ එක්ක ආයෙත් පුංචි ළමයි බවට පත්වෙන්න අපට පුළුවන් ඒ නිසා.

ඔහු කළේ රසය සෙවීමක්. ලෝකයේම හොඳ දේවල් අපට තේරෙන විධියට රසවත් කිරීමක්. ඔහුගේ හඬකැවීම් උත්සාහය නොවෙන්න එතුමා හඬකවපු සම්මානනීය නිර්මාණ අපි කවදාවත් රසවිඳින්නෙ නෑ.

ඔහු වෙනුවෙන් අපට කරන්න දෙයක් නැති තරම්. නමුත් ඔහු කරපු රසය සෙවීමේ කටයුත්ත දැන් බාර අපට. ඔහුගේ නිර්මාණ වලින් පෝෂණය ලබපු වර්තමාන තරුණ පරපුරට! අපි සූදානම්ද ඒක ඊළඟ පරපුරට දෙන්න?

There's no need if introducing Titus Thotawatte to Sri Lankan people. He's one of the gurus we should thank for where we stand today. He was one of the people who added sweetness to our childhood. He showed us a path to be closer to brilliance and we are not brilliant only because of our fault.

There is nothing we can do for him than just passing what he started to the next generation. I'm not sure whether we are still ready.


I know this is horrible. For a genius like him.

Monday, October 17, 2011

iOS vs UNIX | users vs geeks | ස්ටීව් ජොබ්ස් vs ඩෙනිස් රිචී


Hope there's no need of explaining further. This is simply the difference between users and geeks.

Monday, October 10, 2011

Steve Jobs අතරමැද...


Steve's face is sketched using this picture and the credit goes to the photographer who ever he is.

Check on the following comics as well. Those are the base of this collection post of mine.

Steve Jobs Arrives In Heaven
Steve Jobs

Monday, October 3, 2011

Wednesday, September 28, 2011

Book fair එකෙන් "හිතපු තරම් ගඳ නෑ" පොත ගත්තද?


බුක් ෆෙයා ගිය කට්ටිය මේක ගත්තද? ගන්න තියෙන්න එපැයි.... ;-)

මේකත් පින්තූර කඩේ මෝඩළිං කරපු අයිය කෙනෙක් සහ අක්ක කෙනෙක්ගෙ පින්තූරයක් ඇසුරින් හැදුන පොත් කවරයක්. දෙන්නගෙ මොඩලිං සහ හැඟීම් නිරූපණය කොයිතරම් තාත්විකද කියනවනම් කර්තෘ අජූත සොටුදියාරච්චි මහත්තය ඔය පින්තූරෙ කෙලින්ම ගත්තා "හිතපු තරම් ගඳ නෑ" පොත් කවරෙට!

කාටද ආඩම්බර?

This is another modeling couple from Image and since their pose and mood was nailing the spot, The author Mr. Ajootha Sotudiyarachchi of the book "Hithapu tharam ganda ne" picked the picture for the cover of the book instantly.

Tuesday, August 30, 2011

Athula Muthu's new album | අතුල මුතූගේ අළුත් ඇල්බමය


මේක මේ එක්තරා මඩක්... පින්තූර කඩේ වැඩ කරද්දි හමුවුණ හොඳ යාළුවෙක් තමයි අතුල. එයා සංගීත කණ්ඩායමකත් කී බෝඩ් එක වාදනය කලා. ඒ නිසාම මනුස්සය සංගීතය ගැන කතාබහට වගේම අළුත් සංගීතමය දේවල් වලට සෑහෙන්න සංවේදීයි. ඔන්න දවසක් අපට මිනිහගෙ පින්තූර වගයක් හම්බ වුණා. මේ තියෙන්නෙ ඒවයින් අපි අතුලට හදල දීපු ඇල්බම් පෝස්ටරේ.

ඔය කාලෙ එක දිගටම බස් ගී රැල්ලක් තිබුණ කාලයක්. ඒවගේ ඇල්බම් එකක් තමයි මිනිහ කරල තියෙන්නෙ. මනුස්සය මොනව වුණත් මාර ප්‍රේමණියයි.

Athula is a good friend I met at the Image Digital Lab and he's still a good friend even though we're not talking regularly. He was a member of a music band and a good keyboardist. Hence he was eager in talking about music and new trends in the industry. One day we found some pictures of him and made him a poster as he's gonna out an album soon.

That time was very good with trendy music for private buses and Athula is doing a lovely album for bus drivers and conductors. See how much lovely he is :D

Monday, August 22, 2011

Googlization | ගුගලීකරණය


දන්නවනෙ ගුගල් ප්ලස් සමාජ ජාලය ගැන. මේක ගැන තවමත් ඒ තරම් ලොකුවට නොහිතුවට අනාගතේදි අපි පාවිච්චි කරන ගුගල් සේවාවන් සේරම මේ ගුගල් ප්ලස් හරහා සිද්ධ වෙයි කියල හිතන්න පුළුවන් විධියෙ ඉඟි ලැබෙමින් පවතිනවා. ඒකත් එක්ක වතාවක් ෆේස්බුක් හරහා ලොකුවට මතුවුණ හා තවමත් වෙමින් පවතින ලෝක ව්‍යාප්ත සමාජ ජාලය කියන සංකල්පයට ආයෙත් ගුගල් හරහා අළුත් මානයන් එකතු වෙනවා.

ගෝලීයකරණය කියල අවුරුදු ගාණකට කලින් අපේ වැඩිහිටි පරම්පරාවෙ උදවිය කතා කරපු සංකල්පයේ අළුත් මුහුණුවරද මේ?

Hope you all are familiar with Google+ social network. Still we are not in a through discussion about what's gonna happen, but there are some clues mentioning that google is going to integrate all their services in to G+ network. With that, a new era with new dimensions is going to begin in excess to the revolution of Facebook, connecting the internet communities together.

Isn't that the modern version of globalization, the concept which our previous generation talked with there hair straightened?

Tuesday, August 9, 2011

Apiraka | අපිරක හෙවත්... බොන්න අපේ දේ...


මේ පින්තූරෙ පින්තූර කඩේ කටිටිය ට්‍රිපක් ගිය වතාවකදි ගත්තු එකක්. මෙහෙම බොන්න පුළුවන් දෙයක් මාර්කට් නොකර පුළුවනෑ...

This modeler is a member of the early office and the picture is taken on a trip. This is just a one out of the few posters which came out after that trip. Most of them cannot be published publicly but I think of a way to get them out somehow.

Until then, enjoy APIRAKA.
Related Posts Plugin for WordPress, Blogger...

ShareThis